එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට රාජ්‍ය නායකයින් 17ක්

මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (19) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙහි සමාරම්භක උත්සවය මැයි මස 12 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර සමාප්ති උළෙල මැයි මස 14 වන දින මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ සමළුවේ තේමාව ”සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගාන්වීම්” යන්නය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top