SRILANKAN NEWS

රත්නපුර, මාටුවාගලදී ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

රත්නපුර, කිරිඇල්ල මාටුවාගල ගෙවල් 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය‍ ගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 25 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය පැවසුවේ, මිය ගිය තරුණයා යාබද නිවසකට ගොස් සිටි අවස්ථාවේදී ඔහුගේ ම මිතුරෙකු මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව ය.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි. සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක ය.