SPORTS

2016 ඔලිම්පික් අවසන් වෙයි..

 

Olimbickදින 16ක් පුරාවට පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ත උළෙල ඊයේ (21) දින බ්‍රසීලයේ රියෝ  නුවර මරකානා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

ලොව රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,303ක් සහභාගි වූ මෙවර ඔලිම්පික් උළලේ පදක්කම් සටහනේ පළමු ස්ථානයට පැමිණි ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 46ක් රිදී පදක්කම් 37 ක් සහ ලෝකඩ පදක්කම් 38 ක් ලබා ගන්නා ලදී.

දෙවන ස්ථානයට පත්වූ බ්‍රිතාන්‍ය විසින් පදක්කම් 67ක් දිනාගනු ලැබූ අතර ඊට රන් පදක්කම් 27ක්ද,රිදී පදක්කම් 23ක්ද,ලෝකඩ පදක්කම් 17ක්ද ඇතුළත් විය. තෙවන ස්ථානයට පත්වූ චීනය මෙවර ඔලිම්පික් තරඟාවලියේදී පදක්කම් 70ක් ලැබූ අතර ඊට රන් පදක්කම් 26ක්ද,රිදී පදක්කම් 18ක්ද,ලෝකඩ පදක්කම් 26ක්ද ලබා ගැනීමට සමත්විය.

2020 ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත අතර, මීළඟ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ජපානයට භාරදීම සංකේතවත් කරමින් ඔලිම්පික් ධජය ජාත්‍යයන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් විසින් තෝක්යෝ නගරාධිපතිනිය වන යුරිකො කොයිකෙ වෙත භාර දෙනු ලැබීය.