SRILANKAN NEWS

මහින්දට හා චන්ද්‍රිකාට නිදහස් පක්ෂයෙන් ඇරයුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවරදී සංවිධානය කර ඇති මැයි රැළියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරයුම් කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ට ආරාධ කර ඇති බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පවසා තිබේ. නුවර පැවැත්වීමට නියමිත මැයි දින රැළියට විශාල පිරිසක් සහභාගි වනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කර තිබේ.

මැයි දින රැළිය දේශපාලන අරමුණකින් තොරව කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ අයුරින් තිබිය යුතු බවත්, යුද්දය නිමා කළ නායකයා වශයෙන් මහින්ද රාජපක්‍ෂට පක්‍ෂ ආධාරකරුවන් අතර සුවිශේෂි තැනක් හිමිව ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.