වටවල – රොසැල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර 25කට හානි

වටවල – රොසැල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හට ගත් ගින්නකින් අක්කර 25ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තාවේ. ඊයේ දිනයේදී මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න වැඩි වශයෙන් පැතිරී ගොස් ඇති බව වාර්තාවේ. ඉලුක් සහිත මෙම රක්ෂිතයේ කඳු මුදුනෙන් හටගත් ගින්න හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පැතිර ගොස් තිබෙන අතර, වටවල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top