මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදුවිය.
මෙම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සදහාම නිවාස ලබාදීමට රජය මේ වන විට කටයුතු සූදානම් කර තිඛෙන අතර, එහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් ඊයේ මෙලෙස නිවාස ලබාදීම සිදු කෙරුණු අතර, මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 ක් බව වාර්තාවේ.
එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා හා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීමට ද නියමිතය.