යහපත් විසඳුමක් සමඟ හමුවෙන්නම්, මුල්ලිකුලම් ජනතාවට උතුරු පළාත් ආණ්ඩුකාරගෙන් සහතිකයක්..

මුල්ලිකුලම් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාරය ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර, කඩිනමින් විසඳුමක් ලබාගෙන යළි හමුවීමට පැමිණෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පොරොන්දුවී තිබේ.

ඊයේ දින මන්නාරමේ සංචාරයක නිරතවූ ආණ්ඩුකාරවරයා විරෝධතා ව්‍යාපාරයෙහි නිරතව සිටින මුල්ලිකුලම් ජනතාව හමුවීමෙන් අනතුරුව මේ බව පවසා තිබේ.

තම පාරම්පරික ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්‍ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කළ මුල්ලිකුලම් ජනතාව, තමන්ට වෙනත් කිසිඳු ආධාරයක් අවශ්‍ය නොවන බවත් නාවික හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කර එහි තමන්ව යළි පදිංචි කරන තෙක් සිය විරෝධතාවය පවත්වාගෙන යන බවද පවසා තිබේ.

ජනතාවගේ ඉල්ලීම පිළිගත් ආණ්ඩුකාරවරයා, මුල්ලිකුලම් ජනතාවගේ සාධාරණීය විරෝධතාවයට ගරු කරන බවත්, ඒ අනුව මෙම ප්‍රශ්ණය ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර යහපත් විසඳුමක් ලබාගෙන යළි මුල්ලිකුලම් පැමිණෙන බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top