SRILANKAN NEWS

ළිං කපා ගොවිතැන් කිරීම තහනම්, – දිස්ත්‍රික්ක කෘෂිකර්ම කමිටු රැස්වීමේදී තීරණය කරයි..

කිලිනොච්චියේදී ගොවිතැන් කටයුතුවල නිරතවන ගොවි ජනතාව ළිං භාවිතා කර ගොවිතැන් කටයුතු සිඳුකිරීම නීතිවිරෝධී බවත්, එය නොතකා ගොවිතැන් කටයුතු සිදුකරන පුද්ගලයන්ගේ සහනාධාර අහෝසි කර නීතිමය පියවර ද ගන්නා බවට කිලිනොච්චිය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

ඊයේ සිකුරාදා දින දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. තවද අනවසරයෙන් වැව් ජලය භාවිතා කර ගොවිතැන් කටයුතු සිදුකරන පුද්ගලයන්ට එරෙහිව ද මෙම නීතිය ක්‍රියාත්මක කරන බව ද පැවැසේ.

මේ අතර, ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා මේ සම්බන්‍ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, නීතිවිරෝධි ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන පුද්ගලයන් සහනාධාර ලබාදුන්නේ නම් ඉකුත් රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් මහතා පවසා තිබේ.

පසුගිය වසරේ පැවැති අධික නියං කාලගුණ තත්වය හේතුවෙන් ගොවියන්ට ගැඹුරු නල ළිං භාවිතා කර ජලය ලබා ගැනීමට අවසර ලබාදී තිබුණි. ඒ අතර, ඉකුත් කාලය අවසන්වීමෙන් පසු එම ගැඹුරු නල ළිං වසා දැමීමටද තීරණය කර තිබුණි. කෙසේ නමුත් ගොවීන් විශාල පිරිසක් තවඳුරටත් ගැඹුරු නල ළිං භාවිතා කරමින් සිටිති. මේ හේතුවෙන් ඉදිරියේදී භූගත ජලයට හා පරිසරයට හානියක් සිදුවනු ඇති හෙයින් මේ සම්බන්‍ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට වාරිමාර්ග දේපාර්තුමෙන්තුවේ නිළධාරීන් විසින් පෙන්වාදී තිබුණි.