ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රසාදය පළ කර තිබේ. වොෂින්ටන් නුවර පැවති ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධවාර්ෂික සමුළුවට එක්ව සිටින එම ආයතනවල නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව අවධාරණය කර තිබේ.

පසුගිය 18 වනදා ආරම්භ වූ ඉකුත් අර්ධවාර්ෂික සමුළුවට මුදල් ඇමැති රවී කරුණානායක මහතා ද සහභාගිවී සිටියි. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් අමාත්‍යවරුන්ගේ මණ්ඩලය නියෝජනය කළ අමාත්‍යවරයාට එහි පළමු උප සභාපති ධුරය ද පිරිනමා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top