ආසියා පැසිපික් කලාපයේ තරුණ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව කොළඹදී

ආසියා පැසිපික් කලාපයේ තරුණ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලාපීය සමුළුව අප්‍රේල් මස 25 සහ 26 දිනවල කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ස්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව වැඩසටහන සංවිධානය කරයි. ”සියලු කොටස් එකතුවන සාමකාමී සමාජයන් ප්‍රවර්ධනය කරමින් සහාසික අන්තවාදය වැලැක්වීමේ කාර්යයේ දී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව” යන තේමාව යටතේ සමුළුව පැවැත්වෙයි.

මෙම සමුළුව සඳහා රටවල් 39ක් නියෝජනය කරමින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නියෝජිතවරු සහභාගී වීමට නියමිතය. මෙම සමුළුවේ සමාරම්භක උත්සවය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර  අග්‍රාමාත්‍යවරයා විසින් සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට ද නියමිතය.

එමෙන් ම සමාරම්භක අවස්ථාවට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා ද එක්වීමට නියමිත අතර කතානායකවරයා විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top