ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බවත්, ජී.එස්.පී.බදු සහනය ලබාදීම සඳහා වු නිර්දේශ සැපිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැති බවත්, පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම වළක්වාලන ලෙස යුරෝපා කොමිසමට දැනුම්දෙන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලා ඇත.
පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වු වාර්තාව උපුටා දක්වමින් අදාළ පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මන්දගාමී බවයි.
Add Comment