ජවිපේ විසින් යාපනයේ මැයි රැලියක්

මැයි 01ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙවර යාපනයේදීද මැයි පෙලපාලියක් සහ රැලියක් සංවිධානය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේගර් මහතා සඳහන් කරයි.

එම රැලිය මේ මස 30වනදා පස්වරු 3.00ට යාපනය මුට‍්‍රවෙලි පිටියේදී පැවැත්වෙන බවත් පෙළපාලිය පස්වරු 1.00ට යාපනය දුම්රියපොළ අසලින් ආරම්භවීමට නියමිත බවත් ඒ මහතා පවසයි.

“ජාතික සමගිය හා සමානාත්මතාවය සඳහා සමාජවාදය” තේමාවෙන් පැවැත්වෙන මෙම මැයි පෙලපාලිය සහ රැලිය සඳහා ධීවර සංවිධාන, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක් සහභාගී වීමට නියමිත බවද රාමලිංගම් චන්ද්‍රසේගර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මැයි රැලිය සහ පෙලපාලිය මැයි 01දා කොළඹදී පැවැත්වීමට නියමිත බව ජවිපෙ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top