කිලිනොච්චිය රත්තිනපුරම් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී සිඳුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් ට්‍රක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ. සිද්ධියෙන් කිලිනොච්චිය වට්ටකච්චි කට්සන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කමලේස්වරන් කිරිසාන්ද් නැමැති තරුණයා මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.