මාතර වෙරළ තීරයේ තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ, 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බවයි. මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.