මේ දිනවල දිවයිනට බලපා අැති අධික අව්රශ්මිය හේතුවෙන් සමේ රෝග ඇතිවීමේ අවදානමක් පවතින අතර මෙම අධික උෂ්ණත්වය නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත් ඒ හේතුවෙන් ජලය වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම දැඩි අව් රශ්මිය ඇති මොහොතක යම් ගමනක් ගොස් නැවත නිවසට පැමිණි පසු ජලයෙන් මුහුණ සෝදා ගන්නා ලෙසත්, මෙම කාලයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා, වෛරසය උණ, ඩෙංගු උණ රෝගවලින් ද ප්‍රවේශම් වන ලෙස ද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.