ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම ගැන අවසන් තීරණයක් ලබන සතියේදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ඩෙකෑන් හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණද ඇතිව පස් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත බවද එහි සඳහන් වේ.
ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවට කළ යෝජනාව ගැන සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම පුවත්පත සදහන් කරයි.
ත්‍රිකුණාමලයේ ස්වභාවික ද්‍රව ගෑස් බලාගාරයක් ඉදිකිරීමට ජපානයට හා ඉන්දියාවට ශ්‍රී ලංකාව කළ යෝජනාව ගැනද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව හෙරල්ඩ් පුවත් සේවයට වාර්තා වී ඇත.
අන්තර්ජාතික වෙසක් දිනය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට කෙරෙන ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරයේදී මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ ඇති බවද හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කරයි.
ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් වන සාකච්ඡා කඩිනම් කිරීම ගැනද එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වත්කම් ගොඩනැගීමට චීනයට ලබාදෙන අවස්ථාව ගැන ඉන්දියාව පලකළ කනස්සල්ල සමනය කිරීමටත් ඉන්දියාව හා චීනය අතර සමබරතාවක් ඇති කිරීමටත් ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරිපත් කර ඇතැයි හෙරල්ඩ් පුවත් සේවය පවසයි.
මූලාශ්‍ර ලංකාදීප