මඩකළපුව දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක අංශය විසින් අත්පත් කළ පවුල් 77කට අයත් ඉඩම් අක්කර 57.331ක් මෙතෙක් නිදහස් කර නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සී. යෝගේස්වරන් මහතා පවසයි.
කිරාන් ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඒ මහතා මේ බව පවසා තිබේ. වාකරයි, වාලයිචේනයි, කිරාන්, ඒරාවූර්, ආරයම්පදි, මඩකළපුව ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොඨාශවල ආරක්‍ෂක අංශය විසින් අත්පත්කරගෙන සිටින ජනතාවගේ ඉඩම් මෙතෙක් නිදහස් කර නැති බව හෙතෙම පවසා තිබේ.
ඉකුත් ප්‍රදේශවල යුද හමුදාව අක්කර 25.58ක ප්‍රදේශයකදීද, නාවික හමුදාව අක්කර 2.546ප්‍රදේශයකදීද, පොලීසිය අක්කර 29.205ක ප්‍රදේශයකදීද ජනතාවගේ ඉඩම් අත්පත්කර කදවුරු ඉදිකර ඇති බවත්, මුරක්කොට්ටාන්චේනයි ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ල ද ඇතුලත් වන අයුරින් පවුල් 40කට අයත් ඉඩම් අක්කර 18කදී හමුදා කඳවුර ඉදිකර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.