සිව කොඩිය රැගෙන ඕම් නමච්සිවාය කියාගෙන ශ්‍රී පාදයට එන්න එපා!

සිව කොඩිය රැගෙන ඔම් නවච්සිවාය යැයි පවසමින් සිරිපා වන්දනාවට ගිය යාපනයේ වන්දනාකරුවන් කිහිප දෙනෙකුට, නාඳුනන පිරිසක් විසින් තර්ජනය කර ඇති බව ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකයන්ගේ සංමයේ මහ ලේකම් සිවශ්‍රී වේලු සුරේෂ්වර් පවසා තිබේ.

ඕම් නමච්සිවාය යැයි කියාගෙන සිව කොඩිය ද රැගෙන වන්දනා නොකළ යුතු යැයි තර්ජනය කර ඇති බව හෙතෙම පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී සිවශ්‍රී වේලු සුරේෂ්වර් වැඩිදුරටත් පවසා සිටියේ, නල්ලූර් ප්‍රදේශයේ සිට ළමුන්, කාන්තාවන් ඇතුළු 45 දෙනෙකුගෙන් යුතු වන්දනාකරුවන් පිරිසක් සිරිපා වන්දනා කිරීම සඳහා පසුගිය 22වනදා පැමිණි අවස්ථාවේ මෙලෙස නාඳුනන පිරිසක් විසින් තර්ජනය කර ඇති බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top