අගමැති අද ඉන්දියාවේ සංචාරයක..

ඉන්දීය නිල සංචාරය අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා අද පිටත්ව යාමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

එමෙන්ම ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි ද හමුවී සාකච්ඡා පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අපේක්‍ෂාවෙන් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා හා මලික් සමරවික්‍රම ,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි , විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන අය ද මෙම සංචාරයට එක්වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top