උතුරු පළාත් මහ ඇමැති සහ අගමැති අතර හමුවක්..

vikki & ranil_CIඋතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. හිටපු කොටි සාමාජිකයන් සම්බන්‍ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පැවැසේ.

අගමැතිවරයා තමන්ට ඇරයුම් කර ඇති බවත්, හෙට දින කොළඹදී අගමැතිව හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව මහ ඇමැතිවරයා පවසා තිබේ.

හිටපු කොටි සාමාජිකයන්ට විශ එන්නත් ලබාදීම සම්බන්‍ධයෙන් එල්ලවන චෝදනාව ගැන එහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. අත්අඩංගුවට ගෙන රඳවුම් භාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස ගැන ද අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top