උතුරේ පවතින අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට පහසුවෙන් විසඳුමක් ලබාදිය නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.
පසුගියදා ත්‍රිකුණාමලයදී පැවැති දෙමළ මහජන සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
අතරුදන්වූවන්ගේ ප්‍රශ්ණය පහසුවෙන් විසඳුමක් ලබාදිය හැකි ප්‍රශ්ණයක් නොවේ, තම ඥාතීන්ව හමුදාව ඉදිරියේ භාරදුන් නමුත් එය හමුදාව පිළිනොගැනීම හේතුවෙන් මේ සම්බන්‍ධයෙන් විදිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට සිදුව තිබේ. ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දැක්නට නොමැත, අතුරුදන්වූවන් ගැන කාර්‍යාලයක් පිහිටුවීමට පනතක් සම්මත කළ නමුත් එය ස්ථාපිත කිරීමට ද රජය ක්‍රියාත්මකවී නැහැ, දැන් වසර දෙකක කල් දිගුවක් ලැබී ඇති අවස්ථාවක එය ක්‍රියාත්මක කරන බවට රජය පවසා තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්‍ධයෙන් කුමන ආකාරයකින් කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍යවී තිබේ. මේ සම්බන්‍ධයෙන් ජනපති වෙත ලිපියක් යවා තිබුණා, ඉදිරියේදී ජනාධිපතිවරයා මා සමඟ සාකච්ඡා කරන බවද පවසා තිබෙන බව මහ ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.