මෙවර චැම්පියන් කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි..

අයිසීසී චැම්පියන් කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කර තිබේ.

චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි මස 1 වනදා සිට 18වනදා දක්වා එංලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ, උපුල් තරංග කණ්ඩායමේ උප නායකයා ලෙස නම්කර තිබේ. නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සදකැන් සහ සීකුගේ ප්‍රසන්න කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වේ.

අතිරේක ක්‍රීඩකයන් ලෙස දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක නම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top