තුර්කියේ සිට ග්‍රීසිය බලා ගමන් කරමින් සිටි බෝට්ටුවක් පෙරළීමෙන් 16ක් මරුට

තුර්කියේ සිට ග්‍රිසීය බලා සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් බෝට්ටුවක් ග්‍රිසීය ආසන්න මුහුදු තීරයේ දී පෙරළී යාමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බෝට්ටුවේ ගමන් කළ ගැබිණි කාන්තාවක සහ තවත් අයෙකු බේරා ගැනීමට හැකිවූ බව වාර්තාවේ. බෝට්ටුවේ ගමන්කළ පිරිස අතරින් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භකර ඇති බව වාර්තාවේ.

පසුගිය 2015 වසරේ සිට බෝට්ටු මඟින් ගමන් කරන සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top