කසල කළමනාකරණය අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් නිවේදනය සම්මත කරන්න පාර්ලිමේන්තු විශේෂ සැසියක්

ජනාධිපතිවරයා විසින් හෙට 27 වනදා පෙරවරුවේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා අැති බව වාර්තා වේ.

කැලිකසල කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය සහ මීතොටමුල්ල කසල කන්ද නායයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙදින පාර්ලිමේන්තුවේ දී විවාදය පැවැත්වීමට නියමිත බව පැවැසේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව ඉවතලන කැළි කසළ, නිවාසවලින් ඉවතලන කැළි කසළ හෝ එබදු වෙනත් දේ ඉවත් කිරීම, එක්රැස් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, වෙන් කිරීම, පිළියම් යෙදීම, බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ යම් අායතනයක් විසින් ඉටු කරනු ලැබිය ඉටු වියයුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය කුමනාකාරවයේ කවර වුව ආකාරයේ සියලූම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය යෙදවීම මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top