සම්බන්‍ධන් ජනතාවගේ ප්‍රශ්ණ අමතක කරලා – ආනන්දි සසිදරන්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතාට ජනතාවගේ ප්‍රශ්ණ අමතකවී ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් පවසයි. තමන් වැනි අයව එක්රැස් කර රැස්වීමක් පැවැත්වීමට පවා සම්බන්‍ධන් මහතා පියවර ගෙන නැති බව ඇය චෝදනා කර තිබේ.

තම සැමියා අතුරුදන්වී ඇති බවත්, යුද්දය හේතුවෙන් ඥාතීන් අහිමිවී ජීවත්වීම සඳහා දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවද පවසා තිබේ. මෙලෙස අනෙකුත් අයද දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින අතර, දෙ.ජා.ස. යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ඇතැම් වැඩපිළිවල් නවතා නොදැමිය යුතු නමුත්, ජනතාව මුහුණ දෙන ගැටළු ගැන දිගින් දිගටම නිහඞව සිටිය නොහැකි බවද ඇය පෙන්වාදී තිබේ.

සමාජයේ පීඩාවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවලක් ඉදිරිපත් කළ යුතු යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top