පොදු සංවිධානවල විරෝධතාවය නොතකා පැවැති කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේ පොදු රැස්වීම හේතුවෙන් නොසන්සුන් තත්වයක්..

අතුරුදන් වූවන් සොයා දෙන ලෙසට සහ උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බල කරමින් මේ වනවිට උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති අතර, කිලිනොච්චිය කන්දසුවාමි කෝවිලේ පරිපාලකයන් කිහිප දෙනෙකු අද දින පොදු සංවිධාන හා කෝවිලේ සෙසු පරිපාලකයන්ගේ විරෝධතාවය ද නොතක කෝවිලේ පොදු රැස්වීම පැවැත්වීමෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ පොදු සංවිධාන අතර නොසන්සුන් තත්වයක් ඇති කර තිබේ.

තම ඥාතීන් අතුරුදන්වී වසර අටක් වූ නමුත් මෙතෙක් කිසිඳු විසඳුමක් නැතිව පීඩාවට පත්වී සිටින ඥාතීන් තම විරෝධතාවයට සහාය ඉල්ලා කෝවිල් පරිශ්‍රයදී අරගලයක නිරතව සිටින අවස්ථාවක කෝවිලේ පරිපාලකයන් විසින් විරෝධතාවය පවත්වාගෙන යන ස්ථානයේදීම තම පොදු රැස්වීම පැවැත්වීම ගැන සියළු දෙනා කනස්සල්ල පළ කර තිබේ.

පොදු සංවිධානවල නියෝජිතයන්, කෝවිලේ පොදු සභා සාමාජිකයන් පිරිසක් ද ඉකුත් රැස්වීම කල් තබන ලෙස කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප කරමින් කටයුතු කිරීම ගැන ජනතාව සිය අප්‍රසාදය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top