උතුර නැගෙනහිර පූර්ණ හර්තාල්

උතුර නැගෙනහිර අතුරුදන්වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත් ඉල්ලා අද (27) දින උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකවේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ වෛද්‍ය ශාලා හැර අනෙකුත් සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බව වාර්තාවේ. තවද පාසල් සියල්ල වසා දමා ඇති අතර, ප්‍රවාහන කටයුතු හා සේවය ද අත්හිටුවා ඇති බව වාර්තාවේ.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් අාරම්භ කරන ලද විරෝධතාවයක් නිසා මේ වනවිට A9 මාර්ගය වව්නියාව තැපැල් කාර්යාලය අසළින් අවහිර වී අැති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top