SRILANKAN NEWS

උතුර නැගෙනහිර පූර්ණ හර්තාල්

උතුර නැගෙනහිර අතුරුදන්වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදාව යටතේ තිබෙන ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත් ඉල්ලා අද (27) දින උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකවේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ වෛද්‍ය ශාලා හැර අනෙකුත් සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බව වාර්තාවේ. තවද පාසල් සියල්ල වසා දමා ඇති අතර, ප්‍රවාහන කටයුතු හා සේවය ද අත්හිටුවා ඇති බව වාර්තාවේ.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් අාරම්භ කරන ලද විරෝධතාවයක් නිසා මේ වනවිට A9 මාර්ගය වව්නියාව තැපැල් කාර්යාලය අසළින් අවහිර වී අැති බව වාර්තා වේ.