SRILANKAN NEWS

GSP ලබාදීම පිළිබඳ ජන්දයෙන් ලංකාවට ජය..

ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා නොදිය යුතු බවට යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් වී තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට සිදු විය.

ඒ අනුව අදාළ යෝජනාවට යුරෝපා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්ද 436 ක්ද, පක්ෂව ඡන්ද 119ක්ද, ඡන්දය භාවිත නොකළ පිරිස 22 ක්ද ඇතුළත්ය.