අනුර සේනානායක යළි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නැවතත් මැයි මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්දයෙන් අනුර සේනානායක අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ නඩුව අද (27) දින යළි කැදවූ අවස්ථාවේ පිළිතුරු ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , වසීම් තාජුඞීන් ඝාතනයට ලක්වූ දින ජනාධිපති මන්දිරයෙන් පිටත් ව ගිය රථ වාහන පිළිබද සටහන් තබා තිබූ ලේඛන පොතෙහි කොළ ඉවත් කිරීම සිද්ධිය පිළිබද මේ වන විටත් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවය.

එසේම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ පරීක්ෂණ සඳහා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තිබී පසුව බොරැල්ල ජින් ටෙක් ආයතනයට යොමු කළ අස්ථි කොටස් යළි අධිකරණය භාරයට පත් කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top