දුම්රිය අනතුරකින් පුද්ගලයකු මරුට.

දුම්රිය පාපුවරුවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් පිරිසක් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ.

කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකුයි මෙසේ අනතුරට ලක්වී තිබේ. මාර්ගය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී තුවාල ලැබූ ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී තුවාල ලැබු මාගොඩ බේරුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වූ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top