SRILANKAN NEWS

නාවික හමුදාව මුල්ලිකුලම් ජනතාවගේ ඉඩම් නිදහස් කරයි..

නාවික හමුදාව යටතේ තිබූ මුල්ලිකුලම් ජනතාවට අයත් ඉඩම් අද (සෙනසුරාදා) දින නිදහස් කර ඇති බව වාර්තාවේ.

නාවික හමුදා ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයනේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේදී අද දින පැවැති ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව ඉකුත් ඉඩම් නිදහස් කළ බව වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා පවසා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “පසුගිය සතියේ ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී ගත් තීරණයට අනුව සති දෙකක කාලයක් තුළ කඩිනමින් සාකච්ඡා කර නිසි විසඳුමක් ගන්නා බව පවසා තිබුණි. ඒ අනුව මුල්ලිකුලම් ජනතාවගේ ඉඩම් අද දින නිදහස් කර තිබේ, මෙවැනි තත්වයකදී මුල්ලිකුලම් ජනතාවට අද දින සිට තම ඉඩම්වල නැවැත පදිංචි විය හැකි බව නාවික හමුදාපතිවරයා පවසා තිබේ. කෙසේ නමුත් මුල්ලිකුලම් ජනතාව හෙට දින මුල්ලිකුලම් කෝවිලේ බිලි පූජාව ඔප්පු කිරීමෙන් අනතුරුව තම ඉඩම්වල පදිංචියට යෑමට තීරණය කර තිබේ“