සමස්ත ලෝකයේ කම්කරු ප්රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත. වර්ෂ 1886දී පැය 08ක වැඩ දිනයක් ඉල්ලා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරදී ක්රියාත්මක කළ අරගලය සිහි කිරීම සඳහා මැයි මස 01 වනදා ලෝක කම්කරු දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයට පත් කර තිබේ.
ලංකාවේ ප්රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
ශ්රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ අතර එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී්රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය.
Add Comment