මියන්මාර ජාතිකයින් රැගත් සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට..

නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ මියන්මාර ජාතිකයින් 14 දෙනෙක් සහ ළමුන් 16 දෙනෙක් රැගත් යාත්‍රාවක්, කංකසන්තුරයට නාවික සැතපුම් 12ක් උතුරින් වූ මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ උතුරු විධානයට අනුයුත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ මුර සංචාරක යාත්‍රාවක් මඟින් සැකකටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කිරීමේදි අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව කංකසන්තුරයට රැගෙන විත් ඇති අතර එහි සිටි පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. ඔවුන් මීට වසර 04කට පෙර සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණ ඇති බව මූළික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top