SRILANKAN NEWS

අතුරුදන්වූවන් කාර්‍යාලය පීඩාවට පත්වූවන් මූලික කොට ක්‍රියාත්මක විය යුතුයි – HRCL

human rights Srilanka_CIඅතුරුදන්වූවන් කාර්‍යාලය පීඩාවට පත්වූවන් මූලික කොට ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

වින්දිතයන් ඇතුළු අදාළ වාතාවරණයට ගොදුරු වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අදහස්ද ලබාගෙන මෙම කාර්‍යාලයේ ක්‍රියා කටයුතු සිදුකළ යුතු යැයි ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

අතුරුදන්වූවන් පනත හා කාර්‍යාලය සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු පැතිර යමින් පවතින බව ද මානව හිමිකම් කොමිසම පෙන්වාදෙයි. එමෙන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක හදිසි අවශ්‍යතාවයක් මේ මොහොතේ පැන නැගී තිබෙන බවද සඳහන් කර තිබේ.

කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යාමේදී එයට ලැබෙන තොරතුරු එකතුකොට දත්ත ගබඩාවක් සකස් කිරීම මෙන්ම එම තොරතුරු සංරක්ෂණය කිරීම ඇතුළු අදාළ කාර්යාලය පිහිටුවීමේ දී අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව නිර්දේශ මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.