SRILANKAN NEWS

ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන කථා කිරීමට ස්ටෑලින් එ.ජා. සංවිධානයට..

ජූනි මස 12වනදා ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන කථා කිරීමට තමිල්නාඩු ති.මු.ක. පක්‍ෂයේ නායන මූ.ක. ස්ටෑලින්ට ඇරයුම් කර ඇති බව වාර්තාවේ.

මේ සම්බන්‍ධයෙන් එම පක්‍ෂය විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී සඳහන් කර තිබෙන්නේ, ති.මු.ක. පක්‍ෂය වෙනුවෙන් ස්ටෑලින් විසින් එක්සත් ජාතීන් සංවිධානයට ඉදිරිපත් කළ ටෙසෝ සමුළුවේ යෝජනා ඇතුලත් වාර්තාව මේ වසරේ එක්සත් ජාතීන් සංවිධානයේ වාර්තාවට ඇතුලත් කර තිබේ.

මෙම වසරේදී ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන ති.මු.ක පක්‍ෂය සහ ටෙසෝ සංවිධානය එක්වී සම්මත කරන ලද යෝජනාව එක්සත් ජාතීන් සංවිධානය භාරගෙන ඇති අතර, එම ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදීම පිළිබඳව ති.මු.ක. පක්‍ෂය විසින් ගෙන ඇති ස්ථාවරය ජාත්‍යන්තරය වශයෙන් පෙන්වාදී තිබේ.

ජිනීවා නුවර ලබන ජූනි මස 12වනදා ආරම්භවීමට නියමිත 35වන මානව හිමිකම් සැසිවාරයේදී ඊළාම් ජනතාවගේ ප්‍රශ්ණය, විමුක්තිය සඳහා වූ විසඳුම ගැන ස්ටෑලින් කථා කළ යුතු යැයි ඉල්ලීම ජාත්‍යන්තර දෙමළ ජනතාව විසින් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා වූ ඇරයුම ද ලැබී තිබෙන අතර, ලබන ජූනි මස 12 වනදා ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන වූ තම අදහස් ස්ටෑලින් විසින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් කර තිබේ.