SRILANKAN NEWS

දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරයි..

දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා ලබන බ්‍රහස්තපතින්දා (4) සිට විවෘත කිරීමට නියමිතය. අමාත්‍ය අර්ජුන රණතුංග, සහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව පැවැසේ.

දෙවිනුවර ප්‍රදීපාගාරය 1887 වසරේ ශ්‍රීමත් ජේම්ස් නික්කලස් ඩග්ලස් මහතා විසින් ඉදි කළේය. එකල ඒ සඳහා වැයකර ඇති මුදල බ්‍රිතාන්‍ය පවුම් 30,000කි. මහල් හතකින් සමන්විත දෙවිනුවර ප්‍රදීපාගාරයේ උස මීටර 49කි.

මෙරට පිහිට වූ ජාත්‍යන්තර ප්‍රදීපාගාර හතරෙන් එකක් ලෙස සැලකෙන මෙය 2000 වසරේදී වරාය අධිකාරිය විසින් නවීකරණය කෙරුණි. ආරක්‍ෂාව හා ප්‍රදීපාගාරයට පිවිසීමේ ප්‍රවේශ මාර්ගයක් නැතිකම හේතුවෙන් පසුගිය කාලයේ එය මහජන ප්‍රදර්ශනයට විවෘත නොකළ අතර, දෙවිනුවර ප්‍රදීපාගාරය විවෘත කිරීමත් සමග සංචාරක කර්මාන්තයට ද එය බෙහෙවින් වැදගත් වනු ඇතැයි පැවැසේ.