SRILANKAN NEWS

සයිටම් විරෝධී වැඩ වර්ජනයට වෘත්තීය සමිති 21ක් එක්වෙයි..

මාලඹේ සයිටම් ආයතනය අහෝසි නොකර පවත්වාගැනීමට අදාළව ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් සහ එය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෘත්තීය සමිති 21ක් ලබන 05වනදා දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නියැලීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

දුලියබල, ගරු, විදුහල්පති, ඛනිජතෙල්, දුම්රිය, ලංගම, වෛද්‍ය, හෙද, ඇතුළු වෘත්තීය සමිති 21ක් මෙම වැඩවර්ජනයට එක් වී සිටිති.

අදාළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු, සැත්කම් ආදිය මුළුමනින්ම නතර කරන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් වෛද්‍ය සංගම් සඳහන් කරයි.

ඩෙංගු රෝගීන් විශාලවශයෙන් වාර්තාවන සහ කාසල්වීදියේ කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල, රිජ්වේ ආර්යා ළහා රෝහල මෙම සංකේත වැඩවර්ජනයට එක් කර නොගන්නා බවත් වෛද්‍ය වෘත්තීය සමිති සඳහන් කරයි.

උක්ත වෘත්තීය සමිතිවලට අමතරව තවත් වෘත්තීය සමිති 100කට අධික ප්‍රමාණයක් මෙම වැඩවර්ජනයට සහාය පලකරමින් විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවල නියැලීමටද නියමිත ය.