කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීම, වාර්තාව හෙට අමාත්‍යවරයාට..

කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

පසුගිය පෙබරවාරි මස 27 වනදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “සමයං“ ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට ලක් විය.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින්, රූමි මර්ෂුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් සකස් කර ඇත.

වෙඩි තැබීම වළක්වාගැනීමට නොහැකි වීමට හේතුව මෙන්ම එවන් සිදුවීමක් යළි ඇති නොවීම සඳහා අනුගමනය කළ යුතු නිර්දේශද එම වාර්තාවට ඇතුළත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top