නාමල්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා

ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කළ බවට නාමල් රාජපක්‍ෂ ඇතුලු පස් දෙනාට එරෙහිව නඩු පවරා තිබේ.

ඔවුන්ට ජුනි මස 6 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නොතිසි නිකුත් කර ඇත. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙන අතර අධිකරණය මග හරිමින් සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කර ද තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top