මහින්දගේ ආරක්‍ෂාව අඩුකරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂකයන් 42 දෙනකු එකවරම සේවා අවශ්‍යතා බව පවසමින් ඇමැති ආරක්ෂක අංශය වෙත ඊයේ (3දා) රාත්‍රි 9ට පෙර වාර්තා කරන ලෙස ඇමැති ආරක්ෂක මූලස්ථානයෙන් දැනුම් දී තිබේ.

මෙසේ කැඳවා තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් උප පොලිස් පරීක්ෂකවරුන් පහක්ද ඇතුළත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය දන්වා සිටී.

මෙය දේශපාලන පළිගැනීම් මත සිදුකළ ස්ථාන මාරුවක් බවත් මීට පෙරද මේ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් මේ අයුරින් මාරු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top