විද්‍යා ඝාතන සිද්ධිය – විත්තිකරුවන්ට අධි චෝදනා

යාපනය – පුංකුඩුතිව් ප්‍රදේශයේ විද්‍යා දැරිය ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්‍ධ විත්තිකරුවන් 10 දෙනාට යාපනය මහාධිකරණය හුමවේ අධිචෝදනා ගොනු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස කයිට්ස් පොලීසියට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හදිසි නඩු විභාගයක් ලෙස කඩිනමින් විභාග කර අවසන් ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බව වාර්තාවේ.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එයින් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් මස රාජයේ සාක්‍ෂිකරුවන් කරමින් ඇප මත නිදහස කිරීමට අධිකරණය පියවර ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top