විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි – ජ.වි.පෙ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ. 2015 ජනාධිපති මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවට අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා තිබේ.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වන බවත් ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැගිය යුතුව තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top