පකිස්තානු මහකොමසාරිස් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

සේවය අවසන් කර මෙරටින් නික්මයන පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෂයිඩ් ෂකිල් හුසේන් මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (05)  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය.

මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ජා කළ අතර මෙම හමුව සිහිගැන්වීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් මෙරටින් නික්මයන පකිස්තානු මහකොමසාරිස්වරයා වෙත සමරු ඵලකයක් පිරිනමන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top