SRILANKAN NEWS

නාවික හමුදාවට මන්නාරම පල්ලිමුනයි ප්‍රදේශයේ ඉඩම් පවරාදීමේ කටයුතු විරෝධතා හමුවේ නවතියි

Mannar_CIමන්නාරම පල්ලුමුනයි 25 නිවාස ව්‍යාපෘති ඉඩම නාවික හමුදාවට ලබාදීමට ගත් උත්සහය අද (23) අඟහරුවාදා දින පල්ලිමුනයි ජනතාව විසින් කළ විරෝධතා හමුවේ නවතා දමා තිබේ.

ඉඩම් මිනුම්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් අද පෙරවරු 9ට පමණ ඉකුත් ඉඩම මැනීම සඳහා පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් එම නිළධාරීන්ව මාර්ගය අවහිර කරමින් එම නිළධාරින් සමඟ සාකච්ඡා කළහ.

එහිදී ජනතාව වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී නීතීඥ එස්. ප්‍රිමූස් සිරායිවා, වෛද්‍ය අචාර්‍ය ජි. ගුණසීලන්, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ඒස්. විනෝදරලිංගම්, වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයන් ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ ඉඩම් මැනීමේ කටයුතු සඳහා පැමිණි නිළධාරින් සමඟ සාකච්ඡා කළෝය.

තවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා ඉකුත් ඉඩම් මැනීමේ කටයුත්ත නවතා දමන ලෙස අදාල බළධාරීන්ගේ අවධානයට යොමු කර තිබේ.

මෙම ජනතාවට අයත් එම ඉඩම් නාවික හමුදාව පවරා ගැනීමට තීරණය කර ඇති බවට ඊයේ දින ප්‍රදේශවාසීන් මන්නාරම ප්‍රාදේශිය ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ. මෙම ඉඩම සම්බන්‍ධයෙන් මන්නාරම අධිකරණයේදී නඩුවක් ගොනු කර තිබෙන අතර, එම නඩුවේ තීන්දුව ලැබෙන තෙක් ඉඩම් මැනීමේ කටයුතු සිදු නොකරන ලෙස ලිපියක්ද භාරදී තිබේ.

කෙසේ නමුත් ජනතාවගේ පැමිණිල්ල ද නොතකා අද දින ඉඩම් මැනීම සඳහා ඉඩම් මිනුම්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් පැමිණීමෙන් ප්‍රදේශවාසීන් එක්වී විරෝධය පළ කළෝය.

මෙවැනි තත්වයකදී පැමිණ සිටි නිළධාරින් සිය ඉහළ නිළධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඉඩම් මැනීමේ කටයුතු නතරකර තිබේ. එහිදී පල්ලිමුනයි 25 නිවාස ව්‍යාපෘති ගම්මානයේ ජනතාවගේ අත්සන් සහිත ලිපියක්ද පැමිණ සිටි නිළධාරීන් වෙත භාරදුන්හ.

එම පසුගිය 1956 වසරේ සිට ජනතාව එම ඉඩමේ ජීවත්වූ අතර, යුද්දය හේතුවෙන් 1990 වසරේ එම ජනතාව අවතැන්ව යාමෙන් වසර 25ක පමණ කාලයක් අද වනතෙක් එම ඉඩම රජය යටතේ තිබේ. දැනට එම ඉඩම පිහිටා තිබෙන ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක් ඉදිකර තිබේ.

ඉකුත් ඉඩම සම්බන්‍ධයෙන් ඉඩමේ මුල් අයිතිකරුවන් විසින් පසුගිය 11.02.2013 දින මන්නාරම අධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබේ. මෙතෙක් නඩු විභාග වාර 21ක් පවත්වා තිබෙන අතර, ඊළඟ විභාගය ලබන සැප්තැම්බර් මස 20 වනදා කැඳවා තිබේ.

මෙවැනි තත්වයකදී අධිකරණ තීන්දුව ලබාදීමට පෙර ඉඩම මැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි