SRILANKAN NEWS

මහින්ද රාජපක්ෂගේ සොයුරිය මියයයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක් වූ ගාන්ධිනී රාජපක්ෂ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වේ. දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.