මහින්ද රාජපක්ෂගේ සොයුරිය මියයයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක් වූ ගාන්ධිනී රාජපක්ෂ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වේ. දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top