රැකියාව සඳහා කොරියා යන අයගේ ලක්ෂ 5 අය කිරීම නවතයි

කොරියා රැකියා සදහා පිටත්වන අයගෙන් අය කිරීමට නියමිත රුපියල් ලක්ෂ පහක මුදල අත්හිටුවා ඇති බව වාර්තාවේ. ඇමතිනී තලතා අතුකෝරළගේ උපදෙස් මත අද දින සිට එය වහාම අත්හිටුවීමට තීරණය කළ බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ රැකියා සදහා යන අය වෙනුවෙන් ක්‍රියාත්මක ඇප බැදුම්කරයට අමතරව රුපියල් ලක්ෂ පහක මුදලක් අය කිරීමට තීරණය කර තිබුණි. කොරියා භාෂා පරීක්ෂණය සමත් එරට රැකියා අපේක්ෂාවෙන් සිටින අය සදහායි මෙම ආරක්ෂිත මුදල අය කිරීමට තීරණය කර තිබුණේ. එය වහාම අහෝසි කළ අමාත්‍යවරිය විභාගය සමත් අපේක්ෂකයින්ව ඒ පිළිබද දැනුවත් කරන ලෙසටද උපදෙස් දී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලාංකිකයන් විසිහය දහසක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටිනවා. පසුගිය වසරේ පමණක් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව හයදහස් හයසිය විසි නවයක්.

korea rakiya

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top