දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස මූන් ජේ ඉන් පත් වෙයි

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ ඉන් මහතා තේරී පත්ව තිබේ . ඊයේ පැවති මැතිවරණයෙන් මූන් මහතා ජන්ද 41.1% ක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී කොන්සර්වේටිව් පාක්ෂික අපේක්ෂක හොන්ග් ජුන් මහතා ජන්ද 25.5%ක් ලබාගෙන තිබේ.

ඒ අනුව මූන් මහතා දකුණූ කොරියාවේ 19වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ. 64 හැවිරිදි ඔහු මානව හිමිකම් සම්බන්ධ නීතීඥවරයෙකෙි. උතුරු කොරියාව සමග සබදතා වඩාත් පුළුල් කර ගැනීම සදහා තමන් කැපවී කටයුතු කරන බව දිවිරුම් දීමේ අවස්ථාවේදී ඔහු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top