SRILANKAN NEWS

හෙරොයින් කිලෝ 198ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් හෙරෝයින් කිලෝ 198ක් කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11) අළුයම හලාවත මුතුපන්තිය දූපතේදී මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.

මුහුදු මාර්ගය ඔස්සේ අදාළ හෙරොයින් තොගය මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට කොළඹට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබී ඇත.

සැකකරු සමග හෙරෝයින් මත්කුඩු තොගය සහ ඩිෆෙන්ඩර් රථය හලාවත පොලීසියට බාරයට ගෙන තිබේ.