ඉන්දිය අගමැතිගේ පැමිණීම හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන පොලීසිය සඳහන් කරයි.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට එක්වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. අද පස්වරු 6.15 සිට කටුනායක අධිවේගී මාර්ගය, පෑලියගොඩ, බ්‍රේස්ලයින් මාර්ගය, බොරැල්ල ඩී එස් විදුලි සංඥා හන්දිය,නෙළුම් පොකුණ, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර , පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත හා ගංගාරාම සීමා මාලකය දක්වා වූ මාර්ගවල මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

පස්වරු 7.75 සිට සීමා මාලකය ඇතුළු තවත් මාර්ග කිහිපයක හා ගාලු මුවදොර වටරවුම දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව ද රථවාහන පොලීසිය පවසයි.

පසුදා ද තවත් මාර්ග කිහිපයක එම සැලැස්ම ක්‍රියාවට නැංවෙන බවත් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන කාලය තුළ පෑලියගොඩ සිට කටුනායක දෙසට ගමන් ගන්නා වාහනවලට සෑම පිවිසුමකින්ම ඇතුළු වීමේ බාධාවක් නැති බවද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top