හමුදාව විසින් සංවිධානය කළ වර්ණවත් වෙසක් උළෙලක් කිලිනොච්චිය මධ්‍යම විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. ඊයේ (10) දින සවස 6.30ට කිලිනොච්චිය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරිය කරවන, කිලිනොච්චිය දිස්ත්‍රික්ක දිසාපති සුන්දරම් අරුමයිනායකම් සහ කිලිනොච්චිය, මුල්ලතිව් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න ඇතුළු විශාල පිරිසකුගේ සහභාගිත්වයනේ කිලිනොච්චිය වෙසක් කලාපය විවෘත කළ අතර, විශේෂ පූජා කටයුතු ද සිදු කෙරුණි.




